News Line| Off Air
Generic placeholder image

Feb
3

චීනයේ මුහුණු ආවරණ හිඟයක්

772 Views


චීනයේ මුහුණු ආවරණ හිඟයක්

කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින චීනයේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට වාර්තා වනවා.

බිලියන 1.4ක ජනගහනයක් සහිත චීනයේ ජනතාව අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අදාළ උපකරණ කඩිනමින් අවශ්‍ය වන බව චීන බලධාරීන් සදහන් කළා.

පූර්ණ ධාරිතාව සහිතව නිෂ්පාදනය කළ ද චීනයේ කම්හල්වලට දිනෙක දී නිපද විය හැක්කේ මුහුණු ආවරණ මිලියන 20ක් පමණයි.

මුහුණු ආවරණ මෙන්ම වෛද්‍ය කණ්ඩායම්වලට අවශ්‍ය ආරක්ෂිත ඇඟලූම් සහ ඇස් ආවරණ ද හිඟව පවතින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

කෙසේ නමුත් දකුණු කොරියාව, ජපානය, කසක්ස්ථානය, හංගේරියාව මෙලෙස ආරක්ෂිත වෛද්‍ය උපකරණ චීනයට පරිත්‍යාග කර ඇති අතර යුරෝපය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ද මුහුණු ආවරණ කඩිනමින් ගෙන්වීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post