News Line| Off Air
Generic placeholder image

Feb
3

වුහාන් නගරයට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනධිපතිගේ ඇගයීමට

696 Views


වුහාන් නගරයට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනධිපතිගේ ඇගයීමට

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්වී එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක්වුණා.

එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක් වූ බව සදහන්.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔවුන් ගත් අවදානම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බවයි එතුමා පැවසුවේ.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙනයාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post