News Line| Off Air
Generic placeholder image

Feb
3

චීනයේ වෙන්ෂු නගරයත් හුදෙකලා කරයි

777 Views


චීනයේ වෙන්ෂු නගරයත් හුදෙකලා කරයි

නව කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමටත්, ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීමත් අරමුණු කර ගනිමින් චීනයේ ‍ෂෙජියෑන් පළාතේ වෙන්ෂු නගරය හුදෙකලා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා.

වූහාන් නගරයේ සිට කිලෝ මීටර් 800ක් දුරින් මෙම නගරය පවතියි. එම නගරය තුළ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 265ක් වාර්තාවීම හේතුවෙන් චීනය මෙම තීරණය ගෙන තිබෙනවා.

හුබෙයි පළාතෙන් පසුව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ෂෙජියෑන් පළාතෙන් වන අතර එය 661කි. එම පළාතේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වෙන්ෂු නගරයෙන් එනම් 265ක් වාර්තා වීම හේතුවෙන් එම නගරය හුදෙකලා කර තිබෙනවා.

ඒ හරහා නගරය තුළ තවදුරටත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම මේ හරහා චීනය අපේක්ෂා කරනවා. නගරයේ ජනගහණය මිලියන 9.1ක් වන අතර එයින් රෝගය වැළදී ඇත්තේ 265ක් තරම් සුළු පිරිසකටය. නරගය හුදෙකලා කිරීමත් සමගින් එක් නිවසක එක් පුද්ගලයෙකු දින දෙකකට වරක් නිවසින් පිටතට පැමිණ අවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post