News Line| Off Air
Generic placeholder image

Feb
4

72 ජාතික නිදහස් දිනය අදයි

1303 Views


72 ජාතික නිදහස් දිනය අදයි

72 ජාතික නිදහස් දිනය අදයි. අද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දිනහස් දින උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ති‍්‍රවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 7267 දෙනෙකු නිදහස් උත්සවය සදහා සහභාගි වනු ඇති. එමෙන්ම නිදහස් උත්සවය සදහා ආරාධිතයින් 2500 කට ආසන්න පිරිසක් එක්වීමට නියමිතයි.

මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මතයි.

මෙවර පෙළපාලියට එක් කෙරෙන යුද වාහන ප‍්‍රමාණයද සීමා කර ඇති අතර මීටපෙර උත්තමාචාර පෙළපාලිය බොහෝ විට පැය 3කට අධික කාලයක් තිබුනද මෙවර එය පැය 02කට හෝ ඊට අඩු කාලයකට සීමා කර තිබෙනවා. එමෙන්ම ජනපති හා පෙර ගමන් රථ සමග එන අශ්වාරෝහකයින් ඉවත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම පැරෂුට් ආධාරයෙන් සිදු කෙරෙන ගුවන් පිනුම්, ආබාධිත සෙබළුන් ආචාර පෙළපාලියට ගමන් කිරීම අද පැවැත්වෙන නිදහස් දින සැමරුම් උළෙලේදී සිදු නොවෙනු ඇති.

අද දින පැවැත්වෙන නිදහස් උත්සවයේදී සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමටද තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post