News Line| Off Air
Generic placeholder image

Feb
5

චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන්නැයි අස්ගිරි මහානායක හිමිගෙන් ඉල්ලීමක්

603 Views


චීන ජාතිකයින්ට කරුණාවෙන් සලකන්නැයි  අස්ගිරි මහානායක හිමිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ජිවත් වන සියලුම චීන ජාතිකයින් හට කරුණාවෙන් සැලකිය යුතු බව අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමි පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ චීන ජාතිකයින්ට අවශ්‍ය උපකාර ඇත්නම් එය ඉටුකරදීම සියලු ශ්‍රී ලාංකිකයින්ගේ වගකීම බවයි. චීනය තුළ පැතිරයන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්විම සඳහා සහ වැළදුණු රෝගීන් සුවපත් කිරිම සඳහා චීන රජය මඟින් ඉතා සුළු කාලයක් තුළ ක්‍රියාත්මක වී ඇති බව අස්ගිරි නා හිමි පවසනවා.

ශ්‍රී ලංකාවේ රජය ද රෝග ආශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනිම ප්‍රශංසනීය බවත් රෝගී තත්ත්වය පැතීරිම වැලැක්වීම සඳහා ද අගනා සේවයක් ඉටු කරමින් සිටින බවත් උන්වහන්සේ පෙන්වා දෙන අතර චීනයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතාවයන් පවතිනුයේ ඈත අතීතයේ සිට බැවින් මෙම බැරැරුම් අවස්ථාවේදී රෝගය පාලනය කිරිම සඳහා චීන ජාතිකයින් සමඟ සහයෝගයෙන් කටයුතු කිරිම අප කාගේත් යුතුකම බවයි පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි පෙන්වා දෙනවා.

බෞද්ධ නායකයින් වශයෙන් ආගමික වතාවත්වලින් මෙම රෝග බිය නැතිකරලීමට සෑම උත්සහයක්ම දරණ බව පෙන්වා දෙන උන්වහන්සේ පවසන්නේ විශාලා මහනුවරට මාරාන්තික රෝග බියක් ඇති වු අවස්ථාවේ දී ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේ දේශනාකොට වදාළ රතන සූත්‍රය මේ අවස්ථාවේ දී දේශනා කරන බවයි.

අද(05) රාත්‍රී සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවක් සිදුකොට බියෙන් පසුවන ජනතාවට සෙත් පැතීම සඳහා කටයුතු කරන බව ද පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post