News Line| Off Air
Generic placeholder image

Feb
5

කෝබ් බ්‍රයන්ට්ගේ රුව වැලි මුර්තියකට

596 Views


කෝබ් බ්‍රයන්ට්ගේ රුව වැලි මුර්තියකට

පසු ගියදා පෞද්ගලික හෙලික්ප්ප්ටර් යානා අනතුරකින් දිවියට සමු දුන් ඇමෙරිකානු ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙකු වන කෝබ් බ්‍රයන්ට්ගේ රුව සහිත වැලි මුර්තියක් නිර්මාණය කිරීමට ඉන්දීය ජාතිකයෙකු සමත්ව තිබෙනවා. ඔහු නමින් සුදර්ශන් පට්නායක්.

ඔහු මෙම නිර්මාණය කර තිබෙන්නේ ඔඩිෂා ප්‍රාන්තයේ වෙරල තිරයකදීය. එම නිර්මාණය සිදු කිරීම සදහා වැලි ටොන් 05 කට අධික ප්‍රමාණයක් භාවිතා කර ඇති බවයි වාර්තා වන්නේ.

කෝබ් බ්‍රයන්ට්ගේ ඇමෙරිකානු පැසි පන්දු කණ්ඩායමේ කීර්තිමත් නමක් දිනාගෙන තිබෙන අතර ඔහු පස් වතාවක්ම ජාතික පැසි පන්දු ශුරතාවය දිනාගැනීමට සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post