News Line| Off Air
Generic placeholder image

Feb
5

COPE සහ COPA කමිටු ලබන සිකුරාදා රැස් වෙයි

492 Views


COPE සහ COPA කමිටු ලබන සිකුරාදා රැස් වෙයි

08 වන පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ලබන සිකුරාදා (07) රැස්වීමට නියමිතයි.

මෙම කාරක සභා 02 හි සභාපතිවරුන් පත් කිරීම කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කෙරෙණු ඇති.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව එදින ප.ව 02.00 ට රැස්වන අතර රජයේ ගිණුම් පිළිබද කාරක සභාව එදින ප.ව 02.30 ට රැස් වෙන බව සදහන්.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 (1) හි විධිවිධාන ප්‍රකාරව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) හි විධිවිධාන ප්‍රකාරව, 2020 ජනවාරි මස 24 වැනි දින රැස්වූ තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා 02 හි සාමාජිකයන් පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post