News Line| Off Air
Generic placeholder image

Feb
5

කොරෝනා මරණ සංඛ්‍යාව 492 දක්වා ඉහළට

709 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 492 දක්වා ඉහළට

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව මේ වනවිට 492 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 23,500ක් දක්වා ඉහල ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

එමෙන්ම චීනයේ – වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවමත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා ගෙන නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණු පැහැදිලි කළා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සදහන්.

ඇය සම්බන්ධයෙන් සිදුකරන ලද ජෛව සාම්පලයක් පරීක්ෂණ සඳහා හොංකොං වෙත යොමු කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කොරෝනා වෛරසයට ආයුර්වේද ඖෂධ ඇති බවට වෛද්‍යවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව අදහස් පළ කළා.


News Articles
Latest Videos
Most Popular Post