ජනවාරි මස මුලදී වූහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිර යන බවට පළමුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළ වෛද්‍යවරයා එරට පොලිසියේ බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔහුගෙන් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගෙන තිබෙනවා.
අදාළ වෛද්‍යවරයා ද මේ වන විට කොරෝනා වෛයිරසයට ගොදුරු වී ඇති අතර රෝහල්ගතව සිටියදීම සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු මේ තොරතුරු හෙළිදරව් කර තිබුණා.