සමාජ මාධ්‍ය ජාල තුල සඳහන් වන ආයුර්වේද වට්ටෝරු භාවිත කිරීමෙන් වලකින ලෙස ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.
ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති නිමල් කරුණාසේන මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අදාලව ඖෂධ සංග‍්‍රහයක් පවතින බවයි.
සිරුර වර්ධනය වර්ධනය කර ගැනීම සඳහා කොළ වර්ගයක් ආහාරයට ගත් ගම්පහ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පසුගිය 03 වනදා ජීවිතක්ෂයට පත්වී තිබුණා
ඔහු මියගොස් ඇතේතේ ගම්පහ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවූ තොරතුරකට අනුව අදාල පුද්ගලයා කොළ වර්ගයක් ආහරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ මියගොස් ඇත්තේ ගම්පහ – මොරගොඩ ප‍්‍රදෙශයේ පදිංචිව සිටි 36 හැවරිදි පුද්ගලයෙක් බවයි.