News Line| Off Air
Generic placeholder image

Feb
5

මාතලේ ප්‍රදේශ රැසකට හෙට පැය 24ක් ජලය අත්හිටුවයි

672 Views


මාතලේ ප්‍රදේශ රැසකට හෙට පැය 24ක් ජලය අත්හිටුවයි

මාතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු අටේ සිට පැය 24 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව මාතලේ මහ නගර සභා සීමාව, ඒ 9 මාර්ගයේ මාතලේ සිට පිල්ලිවෙල ප්‍රදේශය දක්වා, පලාපත්වල ප්‍රාදේශීය සභා සීමාව, ඔය පහළ ප්‍රදේශය, කන්දෙගෙදර ඉහළ කොටස ඇතුළුව මාතලේ ජල සම්පාදන ක්‍රමයෙන් ආවරණය වන සියලූම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post