ඉන්දියාව සහ නවසීලන්තය අතර තරග සංචාරයේදී කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන්නා.
එහිදී ඉන්දීය කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 347 ක් රැස්කරගත්තා.
සුරේෂ් අයියර් ලකුණු 103 ක් රැස්කරගත් අතර රාහුල් නොදැවී ලකුණු 88 ක් රැස්කළා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 48 කදී කඩුළු 06 ක් දැවී ලකුණු 348 ක් ලබාගෙන තරගය ජයග‍්‍රහණය කළා.
මෙහිදී රොස් ටේලර් නොදැවී ලකුණු 109 ක් ලබාගත් අතර ටොම් ලැතම් ලකුණු 69 ක් ලබාගෙන තිබෙනවා.
තරගය පැවැත්වුනේ නවසීලන්තයේ හැමිල්ටන් හීදි යි.