News Line| Off Air
Generic placeholder image

Feb
5

චීනයේ පොදු ස්ථාන තාවකාලික රෝහල් බවට පත්කෙරේ

1318 Views


චීනයේ පොදු ස්ථාන තාවකාලික රෝහල් බවට පත්කෙරේ

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබෙනවා.

ඒ අනුව වූහාන් ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 1800 ක් සහිත රෝහලක් බවට පරිවර්තනය කර ඇති අතර ව්‍යායාම ශාලා, ක්‍රීඩා මධ්‍යස්ථාන සහ උසස් පාසලක් ඇතුළු තවත් ස්ථාන 10 ක පරිවර්තන කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

මේ හරහා තවත් ඇඳන් 10000 ක පමණ තාවකාලික රෝහල් ස්ථාපිත කිරීමට අවස්ථාව ලැබෙන බව චීන මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post