News Line| Off Air
Generic placeholder image

Feb
5

සමන් රත්නප්‍රිය එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙයි

624 Views


සමන් රත්නප්‍රිය එ.ජා.ප ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වෘත්තිය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස කථානායක කරූ ජයසූරිය ඉදිරියේ අද දිවුරුම් දුන්නා.

ඒ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරය සඳහායි.

මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධින් සම්බන්ධයෙන් මහ බැංකුව සිදුකළ වෝහාරික විගණනයේ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලැබී ඇති බව කථානායකවරයා අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

පසුගියදා මෙම වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කළ නමුත්, එහි ඇමුණුම් ලැබී නොමැති බවටයි කථානායකවරයා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් අතර ඒ අනුව මහ බැංකුව විසින් අදාළ ඇමුණුම් පාර්ලිමේන්තුවට යොමුකර තිබෙනවා.

එය පිටු 10,000 කින් යුක්ත බවයි කථානායකවරයා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post