නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බවට සැකකෙරෙන රෝගීන් 16 දෙනෙකු මේ වන විටත් අයි.ඩී.එච් උණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
ඒ අනුව කොළඹ උණ රෝහලේ රෝගීන් 3ක්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රෝගීන් 2ක්, නුවර ජාතික රෝහලේ රෝගීන් 5 ක්, රාගම ශික්ෂණ රෝහල, ගම්පහ මහ රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ යාපනය මහ රෝහලේ රෝගියෙකු බැගින් වාර්තා වන බව අනිල් ජාසිංහ මහතා පැවසුවා.