News Line| Off Air
Generic placeholder image

Feb
6

පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් වව්නතිව් ප්‍රදේශයෙන්

680 Views


පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් වව්නතිව් ප්‍රදේශයෙන්

වාලච්චේන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරියා ඝාතනය කර ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා. මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට මහේස්ත‍්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සියත ප‍්‍රාදේශීය වාර්තාකරු සදහන් කලේ,

වව්නතිව් මුල්ලාමුණ ප‍්‍රදේශයේ පුද්ගල මළ සිරුරක් ඇති බවට වව්නතිව් පොලීසියට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුනේ අද පෙරවරුවේ දීයි. පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂා කල අතර තුවාල සහිතව මිය ගොස් සිටි පුද්ගල මළ සිරුරක් සොයා ගැනුනා.

පසුව අණාවරණය වුනේ මිය ගොස් ඇති පුද්ගලයා 55 හැවිරිදි වාලච්චේන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බවයි. ඔහු මිය ගොස් සිටි ස්ථානය ආසන්නයේ ඔහුට අයත් ඉඩමක් ද ඇති බව පොලීසිය පැවසුවා.

මේ අතර ගල්කිස්ස ප‍්‍රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස සහ දෙහිවල ප‍්‍රදේශ වල පදිංචි අවුරුදු 20 ත් 48 ත් අතර වයස් සිමා වල පසුවන පුද්ගලයින් සිව් දෙනෙක්.

ගල්කිස්ස ප‍්‍රදේශයේ සමාජ ශාලාවක් තුළදී පසුගිය 03 වනදා මෙම ඝාතනය සිදු වුණා. දෙපිරිසක් අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post