News Line| Off Air
Generic placeholder image

Feb
6

කොරෝනා මරණ 550 දක්වා ඉහළට – ආසාදිතයින් 27 000 ඉක්මවයි

704 Views


කොරෝනා මරණ 550 දක්වා ඉහළට – ආසාදිතයින් 27 000 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 550 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනයවූ පුද්ගලයින් සංඛ්‍යාව 27 000 ක්.
මිය ගිය පුද්ගලයින්ගෙන් සියයට 80 ක්ම වයස අවුරුදු 60 ට වැඩි අය බවයි චීන සෞඛ්‍ය බලධාරීන් සදහන් කලේ.

කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම සදහා වුහාන් හී ඉදි කල දෙවන රෝහලේ ඉදි කිරීම් අවසන් කර තිබෙනවා.එහි සේවාවන් අද සිට ආරම්භ කිරීමට නියමිතයි.
ඇදන් 1 600 කින් සමන්විත රෝහල ලෙෂෙන්ෂාන් ලෙස නම් කර තිබෙනවා. සිංගප්පූරුවෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිව් දෙනෙකු වාර්තාවී තිබුණේ ඊයේ දිනයේදීයි. වෛරසය සිංගප්පූරුව තුළ ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොරෝනා වෛරසය ආසදනයවී ඇති එම පුද්ගලයින් චීනයේ කිසිඳු දිනක සංචාරය කර නැහැ. ජපානයට පැමිණි මගීන් 3 500 ක් රැුගත් නෞකාවක පුද්ගලයින් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව අනාවරණයවී තිබෙනවා.
මීට පෙර තහවුරුවී තිබුණේ නෞකාවේ රැඳී සිටි එක් පුද්ගලයෙකුට වෛරසය ආසාදනයවී ඇති බවයි. වෛයිරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සියළුම මට්ටම්වල රජයේ සේවකයන් ඒකාබද්ධ නිවේදන තරයේ පිළිපැදිය යුතු බවයි චීන ජනාධිපති ෂී ජී පින් සදහන් කලේ.
එම විධානයන් පිළිනොපදින හා වගකීම් පැහැර හරින සියලූ දෙනාම දඬුවම් වලට යටත් බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා. කොරෝනා වෛරසය රටවල් 25 කට ව්‍යාප්තවී තිබෙනවා.
චීනයෙන් පිටත වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන්නේ ජපානයෙන්. එරටින් මේවන විට රෝගීන් 20 දෙනෙකු වාර්තාවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post