News Line| Off Air
Generic placeholder image

Feb
6

කොරෝනා හේතුවෙන් මනාල යුවළක් නොමැතිව මංගල උත්සවයක් පවත්වයි

1263 Views


කොරෝනා හේතුවෙන් මනාල යුවළක් නොමැතිව මංගල උත්සවයක් පවත්වයි

නව කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් මනාල යුවල නොමැතිව පැවති මංගල උත්සවයක් පිලිබද සිංගප්පූරුවෙන් වාර්තා වනවා.

අදාල මනාල යුවල තම විවාහ මංගල උත්සවයට පෙර චීනයේ සංචාරය කර ජනවාරි මස 24 වනදා යලි සිංගප්පූරුවට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් එම වෛරස පැතිර යා හැකි බවට බියෙන් කිසිදු අමුත්තෙකු ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගි වීමට කැමති වී නොමැති අතර පසුව මනාල යුවල මංගල උත්සවයට නොගොස් උත්සව ශාලාවේ අමුත්තන් සමග වීඩියෝ ඇමතුමක් හරහා සම්බන්ධ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post