News Line| Off Air
Generic placeholder image

Feb
6

කොරෝනා සුවකිරීමේ මෙහෙයුමේ සිටි වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මිය යයි

666 Views


කොරෝනා සුවකිරීමේ මෙහෙයුමේ සිටි වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මිය යයි

කොරෝනා වෛරසය සුව කිරීමේ මෙහෙයුමේ නිරතව සිටි චීන වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

වීනයේ හෙන්ෂැන්ග් පළාතේ ප‍්‍රාදේශීය සායනයක පසුගිය ජනවාරි මස 25 වනදා සිට අඛණ්ඩව දින 10 ක් පැය 24 පුරා සේවය කිරීමෙන් මෙම වෛද්‍යවරයා දැඩි ආතතියට පත්ව මෙලෙස හෘදයාබාධයකින් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා.

ලොවපුරා පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 563 ක්. එමෙන්ම පුද්ගලයින් 28018 දෙනෙකුට වෛරසය ආසාධනය වී තිබෙනවා.

එමෙන්ම ගෙවුණු පැය 24 තුළ නව මරණ සංඛ්‍යාව 73 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


News Articles
Latest Videos
Most Popular Post