News Line| Off Air
Generic placeholder image

Feb
6

එක්නැලිගොඩ නඩුව ලබන 13 වනදා යළි කැඳවයි

595 Views


එක්නැලිගොඩ නඩුව ලබන 13 වනදා යළි කැඳවයි

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 13 වනදා යළි කැඳවන ලෙස අධිකරණය අද නියම කලා.

නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන් / සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන ලේඛන ගොනුවක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නා.

මෙහිදී දෙපාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම්කර තිබෙන දුරකතන ඇමතුම් වලට අදාල පරිගණක පද්ධති පරික්ෂා කිරීම සඳහා ලබන 11 වනදා විත්තියේ නීතිඥවරුන්ට අවස්ථාව සලසා දෙන ලෙස පැමිණිල්ලට නියම කලා.

නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙක්.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post