එක්සත් ජාතික පත්ෂ රජයේ අදුරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ආර්ථිකය අක‍්‍රීය වී ඇති බව රජය පවසනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ එම තත්වය කෘෂිකර්මය / සෞඛ්‍ය ඉදිකිරීම් කර්මාන්තය / ආහාර ද්‍රව්‍ය සැපයීම / තේ කර්මාන්තය සහ සහල් නිෂ්පාදනය වැනි ප‍්‍රධාන අංශ ගණනාවක් අඩාලවීමට බලපා ඇති බවයි. සේවාවන් සඳහා කළයුතු ගෙවීම් නොකර තිබීම ආර්ථිකය අක‍්‍රීයවීමට මූලික හේතුවක්.
පසුගිය රජය 2019 සඳහා අනුමත කළ අය වැය ඇස්තමේන්තු ප‍්‍රතිපාදන සියල්ල පසුගිය නොවැම්බර් මාසය වන විට වැය කර තිබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ හේතුවෙන් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල රජය කළ වියදම් පියවීමට භාණ්ඩාගාරයට නොහැකි වී තිබෙනවා
.
2019 වසරට අනුමත රජයේ ආදායම රුපියල් බිලියන 2 400 ක්කෙ. සේවෙතත් දෙසැම්බර් මාසය වන විට ලැබී තිබූ මුදල රුපියල් බිලියන 1 800 ඉක්ම වා නොතිබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේ වියදමෙන් නොපියවූ මුදල රුපියල් මිලියන 1 188 ක්. රෝහල්වල ඖෂධ හා සැපයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවිය යුතු මුදලින් රුපියල් මිලියන 25,696ක් ගෙවා නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප‍්‍රකාශ කළේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලී සහනාධාරය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය බැංකුවලට ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 45,856 ක් .
පොහොර සහනාධාරය සදහා සැපයුම්කරුවන්ට රුපියල් මිලියන 23,950 ක් සහ මහාමාර්ග ඉදිකිරීම් ක්ෂේත සඳහා නොගෙවූ මුදල රුපියල් මිලියන 18,449 ක් බව අනාවරණයවී තිබෙනවා.
වත්මන් රජය ආර්ථික අර්බුදයෙන් මෙරට මුදා ගැනීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ. ඒ යටතේ 2025 වසර වන විට අයවැය හිගය 4% දක්වාත්, දැනට 80% ක් වන රාජ්‍ය ණය 70% දක්වාත් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.