News Line| Off Air
Generic placeholder image

Feb
6

එංගලන්තයෙන් ගෙනා කසළ නැවත එරටට එවන්නැයි ඉල්ලීමක්

783 Views


එංගලන්තයෙන් ගෙනා කසළ  නැවත එරටට එවන්නැයි ඉල්ලීමක්

එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා.

එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා.

අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය සංවිධානය කළ සාකච්ඡාවකට අද (06) කොළඹදී එක්වෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවා.

එංගලන්තය එසේ ඉල්ලීම් කර තිබුණද එම කසළ කන්ටේනර් සම්බන්ධයෙන් දැනට මෙරට අධිකරණයේ නඩුවක් විභාග වන බවත් ඒවා ප්‍රවාහනය කිරීම වළක්වා අධිකරණ අතුරු තහනම් නියෝගක් ලබා දී ඇති බැවින් එම කන්ටේනර් මෙතෙක් ආපසු යැවීමට නොහැකි වී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post