News Line| Off Air
Generic placeholder image

Feb
6

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

769 Views


ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

ශ්‍රී ලංකාවට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද මෙම පත්කිරීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,කළාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සමීක්ෂණ මණ්ඩලයට අයත් වනවා.

පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙටිනාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා පිරිහීමට ලක්ව ඇති බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඉදිරියේදී ඒවා මුදාහරීමට නව සමීක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post