අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය සඳුදා වරෙන්තු නිකුත් කළා.