ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීම පිළිබද ගනුදෙනුවේදී සිදු වී ඇති බව කියන මුලය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වෙන විටත් සිදු කෙරෙන බව වාර්තා වෙන අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළා.