News Line| Off Air
Generic placeholder image

Feb
6

අමෙරිකානු ඩොලර් 70 000ක් සමග 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

710 Views


අමෙරිකානු ඩොලර් 70 000ක් සමග 19 හැවිරිදි තරුණයෙකු  අත්අඩංගුවට

මන්නාරම – තාරපුරම් ප‍්‍රදේශයේදී අමෙරිකානු ඩොලර් 70,600 ක මුදල් (රු. 12,827,977) සමග 19 හැවිරිදි තරුණයෙකු යුධ හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිසිය සහ යුධ හමුදා නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණයකදී මෙම මුදල් ඔහුගේ යතුරුපැදියේ ආසනය යට තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම මුදල් ඔහුට ලැබුනු ආකාරය පිලිබද විස්තර කිරීමට මෙම තරුණයාට නොහැකි වී ඇති අතර මේ පිලිබද දැනගත් ඔහුගේ තවත් 38 හැවිරිදි පුද්ගලයෙකුද එම ස්ථානයට පැමිණීමෙන් පසු පොලිසිය විසින් ඔවුන් දෙදෙනාම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනාම අද මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිකිරිපත් කරන බව පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post