News Line| Off Air
Generic placeholder image

Feb
7

කොරෝනා ගැන පළමු වරට අනාවරණය කල චීන වෛද්‍යවරයාත් යයි

1958 Views


කොරෝනා ගැන පළමු වරට අනාවරණය කල චීන වෛද්‍යවරයාත් යයි

කොරෝනා වෛරස හේතුවෙන් වාර්තා වු මරණ සංඛ්‍යාව 600 ඉක්වමා තිබෙනවා. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 28 000 ක්.
කොරෝනා වෛරසය ආසාදනය වී සම්පුර්ණ සුවය ලැබු චීන ජාතිකයින් 1 153 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර කොරෝනා වෛරසය පිළිබද අණාවරණය සිදු කල චීන ජාතික වෛද්‍යවරයා මිය ගොස් තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වු වෛද්‍යවරයා ලී වෙන් ලියැන්ග් ප‍්‍රතිකාර ලැබුවේ වුහාන් හී මධ්‍යම රෝහලේ යි. සාර්ස් වැනි වෛරස් රෝගී තත්වයක් යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු ප‍්‍රකාශ කර තිබුණා.

පසුව ඔහුට ද වෛරසය ආසාදිත වු අතර අද අලූයම වෛද්‍යවරයා මිය ගිය බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කලේ. මේ අතර චීනයේ අලූත උපන් බිළිඳකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙනවා.
දරුවා උපත ලබා පැය 30 කට පසු වෛද්‍යවරයා විසින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
බිළාදා උපත ලබා ඇත්තේ වුහාන් නරගයේ පිහිටි රෝහලක් තුළයි. කොරෝනා රෝගය වැළදුනු මවගෙන් කළලයට මෙම වෛරසය සම්පේ‍්‍රෂණය වී ඇති බව චීන සෞඛ්‍ය අංශ සදහන් කලා.

මේ අතර කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා අවශ්‍ය සියලූ පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
අමාත්‍යවරිය මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සැකකසහිත රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් 16 දෙනෙකු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධාන වසංගත රෝග විiාඥ සුදත් සමරවීර මහතා සදහන් කළේ ඔවුන් කිසිවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ වලදී හෙළිව නොමැති බවයි.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින චීන ජාතික කාන්තාව තවදුරටත් කොළඹ අයි ඞී එච් රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.
ඇය මේ වන විට සම්පුර්ණ සුවය ලබා ඇති අතර වෛරසය නැවතත් ඇගේ සිරුර තුළ ක‍්‍රියාත්මකවීමේ හැකියාවක් තිබේද යන්න හදුනා ගැනීම සදහා පරීක්ෂණ තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
දියතලාව යුධ හමුදා කදවුරේ රදවා සිටින චීනයේ වුහාන් නුවර සිටි පැමිණි ශ‍්‍රී ලාංකිකයින් පිරිස යහපත් තත්වයෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post