News Line| Off Air
Generic placeholder image

Feb
7

අසත්‍ය කරුණු ඉවත් කර රන්ජන්ගේ හඬපට මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට තීරණයක්

745 Views


අසත්‍ය කරුණු ඉවත් කර රන්ජන්ගේ හඬපට මන්ත්‍රිවරුන් වෙත ලබාදීමට තීරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සභාගත කළ හඬපට වල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සහ අසත්‍ය කරුණු ඉවත් කිරීමෙන් පසු පමණක්, මන්ත්‍රීවරුන්ට ලබාදීමට තීරණය කර තිබෙනවා.

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අනුව අදාළ හඩපට දැනට මන්ත්‍රීවරුන් වෙත නිකුත් නොකිරීමට මෙහිදී තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

අදාළ හඬපට වල සඳහන් නොගැළපෙන වචන ඉවත් කිරීමෙන් පසු කතානායකවරයා ඒවා යළි පරීක්ෂා කර බලා සුදුසු පරිදි සභාගත කරනු ඇති බව ද, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post