මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 3700 ක් සමග ජපානයේ රඳවා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නැමති නෞකාවෙන් තවත් කොරෝනා රෝගීන් 41 දෙනෙකු හමු වී තිබෙනවා.
ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ජපාන බලධාරීන් සඳහන් කළා.
ඒ අනුව එම නෞකාවෙන් හමු වු නව කොරෝනා වෛරස ආසාධිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම නෞකාව ජපානයට පැමිණ ඇත්තේ හොංකොං සිටයි.
පසුගිය 25 වනදා හොංකොං වෙත ළගා වු අවස්ථාවේ නැවෙන් බැස ගිය පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැලඳී තිබූ අතර එම නැව ජපානයට පැමිණි පසුව වෙනම ස්ථානයක රඳවා තබා එහි මගීන් පරීක්ෂා කිරීම ආරම්භ වුණා.
නව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 636 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආසාධිතයින්ගේ සංඛ්‍යාව 31 දහස ඉල්මවන බව විදෙස් වාර්තා සදහන් කළා.