කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට වීදි සංචාරය කිරීම සදහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගලබොඩ ශී‍්‍ර ඥානේස්වර නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙවර පෙරහර සංවිධානය වන්නේ 42 වන වරටයි.
සැරියුත් මුගලක් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප‍්‍රාප්තියත් තුණුරුවන් උදෙසා පවත්වන පූජෝපහාරයක් ලෙසත් පෙරහර මංගල්‍යය පැවැත්වෙනවා.
මෙවරත් පෙරහර විචිත‍්‍රවත් කිරීම සදහා සංස්කෘතික අංග ත්‍මන්ම අලි ඇතුල් 45 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් ගන්නා බවයි පෙරහර සංවිධායක කමිටුව සදහන් කළේ.
පෙරහර පෙළගැස්වීම උද්‍යාන වීදියේ සිදු කරන අතර ශී‍්‍ර ජිනරතන පාර හුණුපිටිය වැව පාර උග්ගෘග රාමනායක මාවත ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මාවත ශී‍්‍ර ජිනරතන මාවත ඔස්සේ වීදි සංචාරය කර යළි විහාරස්ථානයට ගෙවැදීමට නියමිතයි. ඒ හෙයින් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි සවස 6.30 සිට පෙරහර අවසන්වනතුරු රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.