අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිළ සංචාරය ලෙස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැදී සිටින බවයි.
ඉන්දීය අග‍්‍රාමා්‍යත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වනවා.සංචාරය තුළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි.
ඉන්දු ලංකා ධීවර ගැටලූව සම්බන්ධයෙන් සාචාරයේදී විශේෂ අවධාණය යොමු කරනු ඇති බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ.