වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපහාර පිදීමේ උළෙලක් අද පෙරවරුවේ ආනන්ද විද්‍යාලය විසින් සංවිධානය කර තිබුණා.
ආනන්ද විද්‍යාලය විසින් බිහිකරන ලද පළමු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර උපහාර පිදීමේ උළෙලට ජනාධිපතිවරයා පිළිගැනීම ආදී ආනන්දයීයන් වන කතානායක කරූ ජයසූරිය මහතා, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මිට සමගාමිව ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී මුල්ගල් තැබුණු ආනන්ද විද්‍යාලයේ නව සත්මහල් ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනපති අතින් අද සිදු කෙරුණා.