News Line| Off Air
Generic placeholder image

Feb
7

රංජන් අද කටහඩ පරීක්ෂාවකට

544 Views


රංජන් අද කටහඩ පරීක්ෂාවකට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා කටහඩ පරීක්ෂාවක් සදහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත මන්ත‍්‍රීවරයා රස පරීක්ෂක වරයා වෙත යොමු කරන බවයි. රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි විභාගය අවසන් වරට කැදවුයේ පසුගිය 29 වදායි. ලබන 12 වනදා මන්ත‍්‍රීවරයා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එදින අධිකරණය එදින නියෝග කළා.

විනිසුරුවරුන්ගේ කටයුතු වලට මැදිහත් වීම් හා බලපෑම් සිදු කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ* වගන්තියේ ප‍්‍රතිපාදන යටතේ වරදක් සිදු කිරීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මන්ත‍්‍රීවරයා නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝසිදි වරෙන්තුවක් මත රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලිසිය විසින් සෝදිසි කළේ පසුගිය මස 6 වනදායි
එහිදී බලපත‍්‍රය අලූත් නොකළ ගිනි ගිනිඅවියක් / උණ්ඩ තොගයක් / සැකකටයුතු ලේඛණ සහ සීඞී පට තොගයක් සොයා ගෙන තිබුණා
බලපත‍්‍රයක් රහිත ගිනි අවියක් තබාගැනීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා එදින අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණය විසින් සැකකරු ඇපමත මුදා හැරියා.
රන්ජන් රාමනායක මහතාගේ නිවසෙන් සොයාගත් සීඞීපටවල තිබී ආන්දෝනාත්මක දුරකථන සංචාද ඇතුලත් හඩපට හමුවු අතර ඊට විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමග මන්ත‍්‍රීවරයා සිදුකළ බව පැවසෙන සංවාද කිහිපයක්ද ඇතුලත්. ඊට අදාළව රංජන් රාමනායක මහතා පසුගිය මස 14 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post