පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අදාළ තනතුර සඳහා පොලිස්පතිවරයා විසින් යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් සළකා බැලීමෙන් අනතුරුවයි.
නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණදෙන නිලධාරියායි.
1985 වසරේ ජනවාරි මස 20 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ ගුණතිලක මහතා 1986 මාර්තු 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කෙරුණා.
ලයනල් ගුණතිලක මහතා යුද සමයේ තර්ජිත ගම්මානවල ආරක්ෂාව සැලසීම සඳහා කටයුතු කළ පොලිස් නිලධාරියෙක්.