පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශණයේ වාර්තාව ලබන අගහරුවාදාට පෙර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා.
විදුලි කප්පාදුවක් කිරීමට හේතු වූ සියලුම කරුණු සහ එය වළක්වා ගැනීමට නොහැකිවූ හේතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස විමර්ශණය සඳහා පත් කර ඇති පංච පුද්ගල කමිටුව වෙත අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාතයංශය සඳහන් කළා.
විදුලිබල රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
මෙම විමර්ශණයට අදාලව අමාත්‍යංශයේ ඕනෑම නිළධාරියෙකුගෙන් තොරතුරු ලබාගැනීමටද පංච පුද්ගල කමිටුව වෙත බලය පවරා ඇති බව සදහන්.