රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව තිබෙනවා.
උපාය දූතයන් යොදවා විවාහ උත්සවයකට ඇනවුම් කරන අයුරින් මෙම රට බීම බෝතල් අත්අඩංගුවට ගත් බව සදහන්.
සැකකරුවන් අවුරුදු 57 හා 53 වන වයසේ පසුවනවා.
රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවත් වාර්තා වුණා.
එමෙන්ම සීදුව ප්‍රදේශයේ කන්ටේනර් අංගනයකින් මෙම රටබීම තොගය රහසේ පිටකරන බව විමර්ශන වලින් හෙළිව ඇති අතර මෙලෙස රට බීම තොග වශයෙන් පැමිණීම තුලින් විශාල බදු ආදායමක් රජයට අහිමි වන බවත් සුරාබදු නිළධාරීන් සඳහන් කළා.