News Line| Off Air
Generic placeholder image

Feb
7

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

633 Views


තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් වසන්ත කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට නඩුව අද කැඳවූ අවස්ථාවේදී 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබෙනවා.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අතර හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා මෙම සිතාසිය යොමු කරවන ලෙසට අධිකරණය දන්වා සිටියා.

වැඩිදුර නඩු විභාගය ලබන 24 වන දින සිදුකිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post