News Line| Off Air
Generic placeholder image

Feb
8

කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට – ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866 ක්

918 Views


කොරෝනා මරණ සංඛ්‍යාව 724 දක්වා ඉහළට – ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866 ක්

මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 724 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 722ක් වාර්තා වන්නේ චීනයෙන්. වෛරසයේ කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති නව මරණ සංඛ්‍යාව 86ක් බව සදහන්.

ගත වූ පැය 24 තුළ චීනයෙන් නව ආසාදිතයන් 3999 ක් වාර්තා වී ඇති අතර, ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 34,866ක් ලෙස සටහන් වනවා.

ඉන් චීනයේ ආසාදිත සංඛ්‍යාව 34,500කට අධිකයි.

චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 61ක් ජපානයේ යොකොහමා නුවරට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් වාර්තා වන අතර සිංගප්පූරුවෙන් ආසාදිතයන් 33ක් වාර්තා වනවා.

ජපානයේ සහ තායිලන්තයේ ආසාදිතයන් 25 බැගින් සිටින අතර හොංකොං සහ දකුණු කොරියාවේ ආසාදියන් 24 බැගින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post