සිව් දින නිල සංචාරයක් සඳහා ඉන්දීයාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡා මේ වනවිට නවදිල්ලි නුවරදී පැවැත් වෙනවා.
එසේම අග්‍රාමාත්‍යවරයා අද (08) පළමුවෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ද මුණගැසුණා.
එම හමුවේදී සංචාරක කර්මාන්තය ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර එම ක්ෂේත්‍ර ද්වීපාර්ශ්වීයව ප්‍රවර්ධනය කිරීම පිළිබදවද අවධානය යොමු වී තිබෙනවා.