News Line| Off Air
Generic placeholder image

Feb
9

කොරෝනා මරණ සංඛ්‍යාව 813 දක්වා ඉහළට

757 Views


කොරෝනා මරණ  සංඛ්‍යාව  813 දක්වා ඉහළට

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් මරණ 812 ක්ම චීනයෙන් වාර්තා වන අතර, එය 2003 වසරේ සාර්ස් වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නව කොරෝනා නියුමෝනියාව ආසාදනය වීමෙන් ඊයේ දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගියද, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 2,649 දක්වා වර්ධනය වී තිබෙනවා. වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 37 500 ඉක්මවා ඇති අතර ඉන් ආසාදිතයින් 37,251ක්ම වාර්තා වන්නේ චීනයෙන් බව චීන සෞඛ්‍ය කොමිසම හා ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙනවා.

ඊයේ දිනය තුළ පමණක් මරණ 89ක් වාර්තා වන බව එරට වාර්තා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post