News Line| Off Air
Generic placeholder image

Feb
9

ගල්කන්ද රක්ෂිතයේ ගින්නක්

738 Views


ගල්කන්ද රක්ෂිතයේ ගින්නක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ පිහිටි හැටන් සිංහමලේ රක්ෂිතයට වම්පසින් පිහිටි ගල්කන්ද රක්ෂිතයේ ඊයේ (8) රාත්‍රි 9.00 ට පමණ ඇතිවු ගින්නකින් අක්කර 25 ට වැඩි කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේදි හමුවන මෙරට දිගම උමං බිම්ගෙය ලෙස හඳුන්වන සිංහමලේ උමඟ පිහිටි ප්‍රදේශය මෙලෙස ගිනිගනිමින් පවතින බවයි අප සියත වාර්තාකරු පැවසුවා.

ප්‍රදේශයට මාසයකට අධික කාලයක සිට පවතින දැඩි වියළි කාලගුණය නිසා ගින්න පැතිර ගොස් ඇති අතර සිංහමලේ රක්ෂිතයට යාවන ගල්කන්ද ලෙසින් හඳුන්වන මෙම ප්‍රදේශයේ ඇතිවු ගින්න ව්‍යාප්ත විම නිසා මුහුණ දීමට සිදුවන ප්‍රධානතම ගැටලුව වන්නේ ප්‍රදේශයේ 25000කට අධික ජනතාවගේ පානිය ජලය සපුරා ගැනීම සම්බන්ධවය.

තෙත් කලාපිය ස්වභාවික වනාන්තරයක් වන සිංහමලේ රක්ෂිතයේ හැටන් දික්ඔය නගර සිමාව තුල ජීවත් වන 25000කට අධික වු ජනතාවක් සඳහා පානීය ජලය සපයන ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ට අයත් ජලාශය පිහිටා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post