නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගල මරණ සංඛ්‍යාව 910ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කරන්නේ එමෙන්ම ගත වූ පැය 24 ක කාලය කුළ වෛරසය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 100කට අධික බවයි.
එමෙන්ම ආසාදිතයන් ගණන මේවනවිට 40 ,000 ඉක්මවා ඇති අතර වෛරසය ආසාදිතවී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් 3281 ක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.