තායිලන්තයේ රච්චාසිමා නගරයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයන් ගණන 29 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සිදුවීමෙන් මියගිය පුද්ගලයන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් රච්චාසිමා නගරයේදී පැවැත්වුණා.
හමුදා සෙබළෙක් විසින් තායිලන්තයේ රච්චාසිමා නගරයේ සාප්පු සංකීර්ණයක් ඇතුළු ස්ථාන කිහිපයකදී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.සිදුවීමෙන් තුවාල ලැබූවන් 57දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.
වෙඩි තැබීම සිදුකළ හමුදා සෙබළාද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අතර සිදුවීමෙන් මියගිය පිරිසට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවක් රච්චාසිමා නගරයේදී පවත්වා ඇති අතර දහස් ගණනක පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියේ දැල්වූ ඉටිපහන් හා මල්ද අතැතිවයි.
භික්ෂූන්වහන්සේ කිහිපනමක්ද එම අවස්ථාවට එක්ව සිටි අතර අවසන් ගෞරව දැක්වීම සිදුකෙරුණේ නගරයේ පිහිටි තාඕ සුරනාරි ප්‍රතිමාව ඉදිරිපිටදීයි. සිදුවීමට මුහුණපා දිවි බේරාගත් පුද්ගලයන්ද පිරිස අතර සිටියා.