News Line| Off Air
Generic placeholder image

Feb
10

ඩයමන්ඩ් ප්‍රින්සස් හි කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යයි

1496 Views


ඩයමන්ඩ් ප්‍රින්සස් හි කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යයි

ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේදී හඳුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 136 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාධිතයන් 66 දෙනෙකු අද දිනයේදී හමුවීමත් සමගයි.

කාර්යය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව නෞකාවේ සිටින මුළු පිරිස 3700 ක් බව සදහන්.

එමෙන්ම එම නෞකාවේ සිටින වයස අවුරුදු 80 ට වැඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන පිරිස් තෝරාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද පරීක්‍ෂා කිරීමට ජපාන බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ අතර චීනයේ සිටි විදේශිකයින් 27 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය අද තහවුරු කළා.

ඉන් දෙදෙනෙකු මේ වන විටත් මියගොස් ඇති අතර එලෙස මියගියේ අමෙරිකානු ජාතිකයෙක් හා ජපන් ජාතිකයෙක් බවයි එරට වාර්තා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post