News Line| Off Air
Generic placeholder image

Feb
10

තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට සහ අනිද්දා

845 Views


තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට සහ අනිද්දා

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12) සිදුකරන බව ජාතික තරුණ සේවා සභාව පවසනවා.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ විමසීම් කළ හැකියි.

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post