News Line| Off Air
Generic placeholder image

Feb
10

මෙවර ඔස්කාර් සම්මානලාභී හොදම නළුවාගේ සංවේදී කතාව

538 Views


මෙවර ඔස්කාර් සම්මානලාභී හොදම නළුවාගේ සංවේදී කතාව

2020 ඔස්කාර් සම්මාන උළෙලේ හොදම නළුවාට හිමි සම්මානය ජෝකර් චිත‍්‍රපටයේ නළුවා ලෙස කවුරුත් දන්නා ඔකීන් ෆීනික්ස්ට හිමිවුණා. ඔකීන් ෆීනික්ස් හොදම නළුවාට හිමි සම්මානය ලබාගත් අවස්ථාවේදී ඉතාම සංවේදී මෙන්ම හරවත් කතාවක් ඉදිරිපත් කළා.

එහිදී ඔහු මෙලෙස පැවසුවා.

මම හිතනවා අපි මිනිස්සු විදියට සොබාවික පරිසරයෙන් වෙන් වෙලා කියලා. විශ්වයේ හරි මැද අපි කියලා හිතාගෙනයි අපි වැඩ කරන්නේ. අපි සොබාවික ලෝකයට ගිහිං එහි තියෙන සම්පත් සොරකම් කරනවා. එළදෙනක් කෘතීමව ගැබ් ගන්නත් ඉන්පසු ඒ පැටියව ඇගෙන් වෙන් කරන්නත් අපිට අයිතිය තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි ඒ පැටියා වෙනුවෙන් උණන කිරි ටික අපේ කෝපි කෝප්පයටත් අපේ ධාන්‍ය පතටත් දාගෙන කනවා.

ඇත්තටම අපි වෙනස් වෙන්න බයයි. යමක් ලබාගන්න නම් අපි දෙයක් නැති කරගන්න ඕන කියලයි අපි හැම වෙලාවකම හිතන්නේ.

නමුත් මිනිස්සු විදයට නව නිපැයුම් වලට දක්ෂ, නිර්මාණශීලී, බුද්ධිමත් පිරිසක් විදිහට අපව මෙහෙයවන මූලධර්ම විදිහට ආදරය, දයානුකම්පාව භාවිතා කරනවානම් අපිට සියළුම ජීවින්ට හා පරිසරයට ප‍්‍රයෝජනවත් විදිහට සංවර්ධන ක‍්‍රම නිර්මාණය කරන්නත්, දියුණු කරන්නත්, ඒ දේවල් කි‍්‍රයාත්මක කරන්නත් පුළුවන්කම තියෙනවා.

ඒ වගේම මම මගේ ජීවිතය තුළ නින්දිතයෙක් විදිහට ඉදල තියෙනවා. මම ආත්මාර්ථකාමියෙක් වුණා. මම සමහර වෙලාවට නපුරු පුද්ගලයෙක් වුණා. අනිත් අයට වැඩකරන්න අපහසු පුද්ගලයෙක් වුණා.

නමුත් මෙතන සිටින බහුතරයක් දෙනා මට දෙවෙනි අවස්ථාවක් දුන්නා. ඒ නිසා මම හිතනවා අපි අපේ හොදම මට්ටමේ ඉදිද්දිත් අපි එකිනෙකාට උදව් කරනවානම්, පහුගිය වැරදි වලට සමාව දෙනවනම්, එකිනෙකාට ගොඩනැගෙන්න උදව් කරනවනම්, අපි එකිනෙකාව දැනුවත් කරනවානම්, ඒ වගේම අපි එකිනෙකාව හරිමාර්ගයට යොමුකරනවානම් ඒ තමයි මිනිස්සු විදිහට අපි ලබන හොදම දේ.


News Articles
Latest Videos
Most Popular Post