News Line| Off Air
Generic placeholder image

Feb
10

ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් ශ්‍රී ලංකාවෙන්

559 Views


ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් ශ්‍රී ලංකාවෙන්

සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන ලද ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ නවීන යාත්‍රාවක් දියඹට මුදා හැරීම අද(10) සිදු කෙරුණා.

මෙම යාත්‍රාවේ පරීක්‍ෂණ චාරිකා වාරයක් සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද සහභාගි වී තිබෙනවා.

දේශීය නිශ්පාදකයෙකු වන සෝලාස් මැරීන් ලංකා ආයතනය මගින් නිශ්පාදනය කරන ලද මෙම අති නවීන ගිණි නිවීමේ හා මුදවා ගැනීමේ යාත්‍රාව දිග මීටර 17.91ක් සහ පළල මීටර 6.91 ක් වන බව සදහන්.

පැයට මුහුදු සැතපුම් 35ක වේගයෙන් යාත්‍රා කිරීමේ හැකියාවක් මෙම යාත්‍රාව සතුව පවතින අතර ගිණි නිවීම සඳහා අති නවීන තාක්‍ෂණයෙන් යුත් අධි පීඩන වතුර විදිනයන් ‍දෙකක්ද (02) මෙම යාත්‍රවේ ස්ථාපිත තිබෙනවා.

එමෙන්ම තවත් නවීන අංග උපාංගයන් රැසකින් මෙම යාත්‍රාව සමන්විත වන බව සදහන්.

මෙවැනි යාත්‍රා නිශ්පාදනය කර විදේශ රටවල් සඳහා අලෙවි කිරීමෙන් ඉතා ඉහළ ආර්ථික වාසි මෙරටට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව නාවික හමුදාව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post