News Line| Off Air
Generic placeholder image

Feb
10

කොරෝනා යැයි තහවුරු වන රෝගීන්ගේ අඩුවක්

873 Views


කොරෝනා යැයි තහවුරු වන රෝගීන්ගේ අඩුවක්

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන රෝගීන්ගේ විශාල අඩුවක් හුබෙයි පළාතෙන් හැරෙන්නට චීනයේ අනෙකුත් පළාත්වලින් වාර්තා වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලිජියෑන් ශාඕ සඳහන් කරනවා.

හුබෙයි පළාතෙන් පිටතදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් 444 ක් පෙබරවාරි 9 දා වාර්තා වූ බව සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් තබමින් ඔහු සදහන් කළා.

පෙබරවාරි 3දා එම අගය 890 ක් වූ බවද ඔහු පවසනවා. ඒ අනුව සියයට 50කට වැඩි අගයකින් තහවුරු වන රෝගීන්ගේ සංඛ්‍යාව අඩුව ඇති බව එයින් පෙන්වන බවත් පාලනය කිරීමේ හා වැළැක්වීමේ ක්‍රමයන් සාර්ථක වෙමින් පවතින බවත් ඔහු ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post