News Line| Off Air
Generic placeholder image

Feb
10

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි

718 Views


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙයි

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා. පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වුණා.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුජීව සේමසිංහ මහතා කියා සිටියේ සන්ධානයේ මහලේඛම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතාව ඒකමතිකව පත්කරගත් බවයි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සදහා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටියා.

එමෙන්ම සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, නවීන් දිසානායක, මංගල සමරවීර, රවී කරුණානායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක්ද ඊට සහභාගි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post