ඉදිරි මහ මැතිවරණය පිලිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සදහා අද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද සවස 4.00 ටයි.
මෙහිදී විශේෂයෙන්ම මහමැතිවරණයට තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබඳ අද දිනයේ අවසන් තීරණයකට එළඹීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.